Donations – Sinhala - 1990 Suwa Seriya Foundation

1990 සුව සැරිය වෙත ඔබගේ පරිත්‍යාග ලබා දෙන්න

 

අපගේ පරිත්‍යාග පිටුවට පැමිණීම පිළිබඳව ඔබට ස්තුතියි. අප වෙත පරිත්‍යාග ලබා දිය හැකි ආකාරය පිළිබඳ උපදෙස් පහත සඳහන් කර ඇත. ඔබට වැඩිදුර පැහැදිලි කිරීම් අවශ්‍ය නම් කරුණාකර ඔබගේ ගැටළුව සහ ඔබව සම්බන්ධ කර ගත හැකි දුරකථන අංකයක් සමඟ පහත දුරකථන අංකය වෙත හෝ විද්‍යුත් ලිපිනය වෙත යොමු කරන්න:

donations@1990.lk හෝ  +94 768281433

 

A) විදේශ මුදලින් පරිත්‍යාග සිදු කිරීම

පහත ගිණුමට මුදල් බැර කර ඊට අදාළ තැන්පතු පත්‍රිකාවේ පිටපතක් donations@1990.lk  යන විද්‍යුත් ලිපිනයට යොමු කරන්න.

විද්‍යුත් ලිපිය යොමු කිරීමේදී ඔබගේ නම, ඔබව සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයක් සහ මුදල් භාර ගැනීමේ කුවිතාන්සිය එවිය යුතු ලිපිනය නිවැරදිව සඳහන් කරන්න.

බැංකුව
ලංකා බැංකුව (BOC)
බැංකු කේතය
7010
ශාඛාව
ආයතනික ශාඛාව
ශාඛා කේතය
660
බැංකු ගිණුම් අංකය
84777255
ස්විෆ්ට් කේතය
BCEYLKLX

 

B) ශ්‍රී ලංකා මුදලින් රුපියල් 100,000 – 5,000,000 (රුපියල් මිලියන 5) ක වටිනාකමකින් යුත් පරිත්‍යාග සඳහා (බදු සහන අවශ්‍ය නොවන පරිත්‍යාගශීලීන් සඳහා)

පහත ගිණුමට මුදල් බැර කර ඊට අදාළ තැන්පතු පත්‍රිකාවේ පිටපතක් donations@1990.lk යන විද්‍යුත් ලිපිනයට යොමු කරන්න.

විද්‍යුත් ලිපිය යොමු කිරීමේදී ඔබගේ නම, ඔබව සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයක් සහ මුදල් භාර ගැනීමේ කුවිතාන්සිය එවිය යුතු ලිපිනය නිවැරදිව සඳහන් කරන්න.

බැංකුව
ලංකා බැංකුව (BOC)
බැංකු කේතය
7010
ශාඛාව
ආයතනික ශාඛාව
ශාඛා කේතය
660
බැංකු ගිණුම් අංකය
84777255
ස්විෆ්ට් කේතය
BCEYLKLX

 

C) තැපැල් මගින් සිදු කරන චෙක්පත් ගණුදෙනු සඳහා.

i) බදු සහන අවශ්‍ය නොවන පරිත්‍යාගශීලීන් :

1990 සුවසැරිය පදනම” නමින් රේඛණය කරන ලද චෙක්පත පහත ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ පැමිණ භාරදිය හැකිය.

ප්‍රධාන මූල්‍ය නිලධාරී, 1990 සුවසැරිය පදනම, අංක. 415, කෝට්ටේ පාර, රාජගිරිය.

ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ “පරිත්‍යාග” යන්න සඳහන් කරන්න.

ඔබගේ චෙක්පත තැපෑලට යොමු කළ පසුව එය තහවුරු කිරීම සඳහා ඔබගේ නම, ඔබව සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයක් සහ මුදල් භාර ගැනීමේ කුවිතාන්සිය එවිය යුතු ලිපිනය නිවැරදිව සඳහන් කරමින් විද්‍යුත් පණිවිඩයක් donations@1990.lk යන විද්‍යුත් තැපෑල වෙත යොමු කරන්න.

ii) බදු සහන අවශ්‍ය පරිත්‍යාගශීලීන් :

“භාණ්ඩාගර නියෝජ්‍ය ලේකම්” නමින් රේඛණය කරන ලද චෙක්පත පහත ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ පැමිණ භාරදිය හැකිය.

ප්‍රධාන මූල්‍ය නිලධාරී, 1990 සුවසැරිය පදනම, අංක. 415, කෝට්ටේ පාර, රාජගිරිය.

ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ “පරිත්‍යාග” යන්න සඳහන් කරන්න.

ඔබගේ චෙක්පත තැපෑලට යොමු කළ පසුව එය තහවුරු කිරීම සඳහා ඔබගේ නම, ඔබව සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයක් සහ මුදල් භාර ගැනීමේ කුවිතාන්සිය එවිය යුතු ලිපිනය නිවැරදිව සඳහන් කරමින් විද්‍යුත් පණිවිඩයක් donations@1990.lk  යන විද්‍යුත් තැපෑල වෙත යොමු කරන්න. ඔබගේ චෙක්පත සමඟ පහත ලිපියේ ආකෘතිය අනුව ඔබගේ දත්ත ඇතුලත් ලිපියක්ද අප වෙත යොමු කරන්න.

 

භාණ්ඩාගර නියෝජ්‍ය ලේකම්
මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය,
ලේකම් කාර්‍යාලය,
කොළඹ 01.

මහත්මයාණෙනි,

1990 සුවසැරිය පදනම වෙත සිදු කරන පරිත්‍යාග සම්බන්ධවයි

1990 සුවසැරිය පදනම වෙත සිදු කරන පරිත්‍යාගයක් ලෙස ලභාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්ල නමින් රේඛණය කරන ලද රුපියල්……………. වටිනාකමින් යුත් චෙක්පතක් මේ සමඟ අමුණා ඇත.

කරුණාකර චෙක්පත ලද බවට තහවුරු කරන්න.

ස්තූතියී,
මෙයට විශ්වාසී,

 

D) ශ්‍රී ලංකා මුදලින් රුපියල් 100,000 ට අඩු වටිනාකමකින් යුත් පරිත්‍යාග සඳහා

මෙම පරිත්‍යාග සඳහා අවශ්‍ය යාන්ත ්‍රණය මැය ි මාසයෙදී සකස් කරනු ලබන අතර ඒ පිළිබඳව අදාළ නිවේදනය ඉදිරි කාලයෙ ්දී නිකුත් කරනු ඇත.